කටාර් එමීර් ට්‍රම්ප් හමුවෙයි



ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි.

ගල්ෆ් කලාපයේ ආරක්ෂක කටයුතු, වෙළෙඳ සබඳතා ඇතුළු දෙරටට වැදගත්වන කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ට්‍රම්ප්ගේ ආරාධනාව පිළිගනිමින්, ධවල මන්දිරයේ දිවා භෝජන සංග්‍රහයකට ද කටාර් එමීර්වරයා එක් විය.
කටාරය ඇමෙරිකාවෙන් බෝයිං ගුවන් යානා මිලදී ගැනීමට සූදානම් වෙයි. ඒ සම්බන්ධයෙන් ද කටාර් එමීර්වරයා සහ ඇමෙරිකන් ජනාධිපතිවරයා අතරේ සාකච්ඡා පැවැත්වුණි.

කටාර් එමීර්වරයා සහ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අතර මෙම හමුව පැවැත්වෙන්නේ, ඇමෙරිකාවත් ඉරානයත් අතර අර්බුදයක් පවතිද්දීය. ඉරානය සමඟ ඉතාමත් සමීප සබඳතා පවත්වන රටක් වන්නේ කටාරයයි.

සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යය හුදෙකලා කර සම්බාධක පනවා ඇත. ඒ, කටාරය ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා කරමිනි.

එසේ සම්බාධක තිබියදී වසර 3 ක් තිස්සේ කටාරය නොසෙලී ශක්තිමත්ව ඉදිරියට යමින් සිටින්නේ ඉරානය තුර්කිය ආදී රටවලින් ලැබෙන සහාය නිසාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS