කටාර් එමීර් කුවේට් එමීර් හමුවෙලා



කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සහ කුවේට් පාලක ෂෙයික් ෂාබා අල් අහ්මද් අල් ජබාර් අල් සාබා අතර හමුවක් පැවැත්විණි. ඒ, කුවේටයේ දස්මාන් මාලිගයේදීය.

රාමදාන් වෙනුවෙන් දෙදෙනා එකිනෙකාට සුබ පැතුම් හුවමාරු  කර ගත් බව ද වාර්තා වේ. ඊට අමතරව, කටාරය සහ කුවේට් රාජ්‍යය අතර පවතින ශක්තිමත් මිතුදම් සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

කලාපීය කටයුතු සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වුණු බව වාර්තා වේ.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS