කටාර් එමීර් ඉරාන ජනපති හමුවෙයි



ඉරාන හමුදා ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතන සිදුවීමෙන් පසු, ඇමෙරිකාවත් ඉරානයත් අතර හටගත් අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් විසඳාගත යුතු යැයි කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී අවධාරණය කරයි.

කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණියේය. කටාර් එමීර් අල් තානී උණුසුම් අයුරින් පිළිගැනීමට ඉරාන ජනාධිපති හසන් රොව්හානී කටයුතු කළේය.

ඉරානයත් ඇමෙරිකාවත් අතර හටගත් අර්බුදය සම්බන්ධයෙන් ආපසු හැරීමක් නැති බවත්, කළ යුත්තේ ඉදිරියට යමින්, සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීම යැයි ඉරාන ජනපති රොව්හානී හමුවුණු අවස්ථාවේදී කටාර් එමීර්වරයා පෙන්වා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී සහ කටාර් එමීර්වරයා අතරේ ද සාකච්ඡා පැවැත්විණි.

මේ අතර, ඇමෙරිකාව ද පවසා ඇත්තේ ඉරානය සමඟ කොන්දේසි විරහිතව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවය. ඇමෙරිකාව ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම් වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහාය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS