කටාර් එමීර් ඇවිත් නෑ



සෞදියේ රියාද් නුවර ආරම්භ වුණු ගල්ෆ් සහයෝගීතා සමුළුවට සහභාගී වෙන්නැයි සෞදියේ සල්මාන් අබ්දුල්ලාසි රජු කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ට ඇරැයුම් කර තිබුණ ද කටාර් එමීර්වරයා සමුළුවට සහභාගී වූයේ නැත.

කටාර් එමීර්වරයා සමුළුවට සහභාගී නොවුණත්, කටාර් රාජ්‍යය නියෝජනය කරමින් කටාර් අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති සමුළුවට පැමිණියේය.

සෞදිය සහ කටාර් රාජ්‍යය අතර පසුගිය වසරේ ජූනි මාසයේ සිට අර්බුදයක් පවතී. ඒ, කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත් අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් සෞදිය චෝදනා කරයි.

මේ චෝදනා මුල්කොට ගනිමින් සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව එක් වී, ගුවනින් මුහුදින් සහ ගොඩබිමින්, වෙළෙඳ, ආර්ථික මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකමය වශයෙන් ද කටාරයට සම්බාධක පනවා ඇති. ඒ කටාර් රාජ්‍යය හුදෙකලා කිරීමේ ප්‍රධාන අරමුණින්ය.

ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය යනු ගල්ෆ් කලාපීය රටවල නායකයන් රැස්වී, කලාපීය වශයෙන් ඔවුන් මුහුණ දෙන ගැටලු සහ අර්බුද සාකච්ඡා කර ඒවාට විසඳුම් සොයා ගැනීමය. ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයට අයත් ප්‍රධාන සාමාජික රටවල් වන්නේ බහරේනය, කුවේටය, ඕමානය, කටාරය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS