කටාර් ඇමෙරිකා යුද අභ්‍යාසයක්



සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් විසින් සම්බාධක පනවා කලාපයේ හුදෙකලා කළ කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් දෝහාහිදී පැවැත්විණි.

ත්‍රස්තවාදය අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් සෞදි ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් කටාරයට චෝදනා කර ඇත. සෞදිය ප්‍රමුඛ රටවල් කටාර් රාජ්‍යය උදෙකලා කර මේ වනවිට දින 70 ක් පමණ ගත වී අවසන්ය.

කටාර් සහ ඇමෙරිකන් හමුදා සෙබළු ඊයේ (22) දිනයේ පැරැෂූට් මෙහෙයුම්වලට ද සම්බන්ධ වූහ. සී 130 හමුදා ප්‍රවාහන ගුවන් යානයක ආධාරයෙන් පැරැෂූට්වලින් පැන්න හමුදා සොල්ලාදුවන් ගණන 50 කට ආසන්න යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කටාරය සහ ඇමෙරිකාව අතර හමුදා සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙම යුද අභ්‍යාසය හේතු වුණැයි, කටාරයේ ඇමෙරිකා තානාපති කාර්යාලය හා සම්බන්ධ හමුදා ප්‍රධානී කර්නල් ඬේවිඞ් කේසී කියා සිටී.

සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් කලාපීය රටවල් කටාරය හුදෙකලා කිරීමෙන් පසු, මීට පෙර ද කටාරය සහ ඇමෙරිකාව අතර නාවික අභ්‍යාසයක් ද පැවැත්විණි. ඒ, පසුගිය ජූනි මාසය අවසානයේදීය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS