කටාර් ඇමැතිනිය පැරිසියේ
කටාර් අධ්‍යාපන කටයුතු මෙන්ම, විද්‍යා සහ ප්‍රාජා සංවර්ධන අමත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරන ඇමැතිනිය ෂෙයිකා මෝසා බින්ට් නසාර් පසුගිය දා ප්රංශවේ පැරිස් නුවර සංචාරයක නියැලුණාය.
එහිදී ඇය පැරිස් පුරපතිනිය ඇන් හිඩැල්ගෝ හමුවී, සාකච්ඡා පැවැත්වූවාය.
අධ්‍යාපන සහ පර්යේෂණ අංශ සම්බන්ධයෙන් දෙරටටම වාසි වන අයුරින් ගනුදෙනු ඇති කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී කටාර් රාජ්‍ය වෙනුවෙන් ෂෙයිකා මෝසා බින්ට් කැමැත්ත පළ කළාය.
කටාර් රාජ්‍යය තවමත් අසල්වැසි මැදපෙරදිග රටවල් පැනැවූ සම්බාධක හේතුවෙන් ‘හුදෙකලා’ වී සිටී.
කෙසේ නමුත් කටාර් රජය එම සම්බාධක ‘බාධකයක්’ කර නොගෙන කටයුතු කරගෙන යෑම ප්‍රසංශනීය යැයි පැරිස් පුරපතිනිය පෙන්වා දුන්නාය.
(ද පෙනින්සියුලා)