කටාර් අර්බුදය වේදිකාවට



කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් නිර්මාණය වී ඇති ගල්ෆ් අර්බුදය සම්බන්ධයෙන් ප්‍රහසන වේදිකා නාට්‍යයක් නිර්මාණය වී තිබේ.

මෙම වේදිකා නාට්‍යය නම් කර ඇත්තේ ‘ෂැලී යසීර්’ යන නමිනි. එහි අර්ථය ‘මොකද වෙන්නේ ?’  යන්නය. මෙම නාට්‍ය මේ වනවිට කටාර් වැසියන් අතරේ අතිශය ජනප්‍රිය වී තිබෙන බව වාර්තා වේ. දර්ශනවාර සියල්ල සඳහා ප්‍රවේශපත් විකිණී අවසන් යැයි ද පැවැසෙයි.

කටාර් ජාතික රඟහලේ නාට්‍යය රඟ දැක්වෙද්දී, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ද එය නැරැඹීමට ගියේය. ඒ, කටාර් සංස්කතික අමාත්‍යවරයාත්, අමත්‍යාංශයේ නිලධාරීන් ද පිරිවරාගෙනය.

‘ෂැලී යසීර්’ නාට්‍යය කටාර් එමීර්වරයාගේ පැසැසුමට ලක් වුණු අතර, එය අවසන් වීමෙන් පසු, වේදිකාවට ගොඩවී රංගන ශිල්පීන් ඇතුළු නාට්‍යයේ නිර්මාණකරුවන්ට සුබ පැතුවේය.

නාට්‍යයේ අධ්‍යක්ෂවරයා මෙන්ම ප්‍රධාන නළුවා ද වන්නේ ඝනීම් අල් සුලයිටීය. ‘ෂැලී යසීර්’ නාට්‍යය මේ වනවිට නොකඩවා එකදිගට 30 වාරයක් වේදිකාගත වී ඇත. කටාර් වේදිකා නාට්‍යයක් මෙලෙස ජනප්‍රිය වූයේත් පැසැසුමට ලක් වූයේත් 1998 වසරෙන් පසුව යැයි විචාරකයෝ කියති. එදා, 1998 දී අතිශයින් ජනප්‍රිය වූයේ ‘අම්ජාද් යා ඇරැබ්’ වේදිකා නාට්‍යයයි. කටාර් සංස්කෘතික සහ ක්‍රීඩා අමාත්‍යවරයා සාලා බින් ඝනීම් අල් අලී පවසා අරත්තේ කටාර් වේදිකා නාට්‍යයවලට නව පන්නරයක් ලබා දීමට ඝනීම් අල් සුලයිටීගේ ‘ෂැලී යසීර්’ සමත්වී ඇති බවය.

‘ෂැලී යසීර්’ නාට්‍යයට පාදක වන්නේ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව එක් වී, කටාරයට චෝදනා නගහින් කටාරය හුදෙකලා කිරීමට සම්බාධක පැනැවීම මුල්කොට ගනිමිනි. සම්බාධක පැනැවීම සිදුවූයේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. ‘ෂැලී යසීර්’ වේදිකා නාට්‍යය නිමා කෙරෙන්නේ ‘අල්ලාහ් යා ඔම්රි කටාර්’ නමැති ගීතයෙනි. එය ජාතික අභිමානය දනවන ගීතයකි.

(ද පෙන්නිසියුලා)

 


RECOMMEND POSTS