කටාර් අර්බුදය විසඳන්න මැදහත්කරුවෝ දෙදෙනෙක්



කටාර් අර්බුදය ඔඩුදිවීමට ඉඩ නොදී කඩිනමින් විසඳා ගැනීමට මැදහත්කරුවන් වීමට තමන් සූදානම් යැයි කුවේටය සහ අප්‍රිකා රාජ්‍යයක් වන සුඩානය පවසා ඇත.

කුවේටය පෙන්වා දී ඇත්තේ ගල්ෆ් කලාපයේ මේ අයුරින් අර්බුදයක් නිර්මාණය වීම කලාපීය සමඟියට තර්ජනයක් වනු ඇතැයි කියාය. අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, කුවේට් එමීර් ශෙයික් සබා අල් අහ්මද් අල් ජබාර් අප් සබාහ් ඊයේ දිනයේ කටාර් රාජ්‍යය බලා පැමිණියේ යැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

කටාර් රාජ්‍යය සහ සෞදිය ප්‍රමුඛ රටවල් කිහිපයක් අතර බිඳවැටී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ගොඩ නැගීමට මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට සූදානම් බව සුඩාන රජය වෙනුවෙන් එරට විදේශ ඇමැතිවරයා පවසා ඇත.
මැදපෙරදිග කලාපය තුළ ඇති වී තිබෙන මෙම නව අර්බුදකාරී තත්ත්වය සන්සුන් කිරීමටත් සංහිඳියාව ඇති කිරීමටත් සූදානම් බව සුඩානය වැඩිදුරටත් කියා සිටී.

(රොයිටර්/ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS