කටාර් අමීර් ක්‍රොයේෂියාවේ



කටාර් අමීර්, ෂෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි සහ  ක්‍රොයේෂියානු ජනාධිපති කොලින්ද ග්‍රාබර්- කිටරෝවික් සමඟ නිල සාකච්ඡා දෝහා හි එමෙරි ඩිවාන් හිදී ආරම්භ කළ බව කටාර් ප්‍රවෘත්ති ඒජන්සිය නිවේදනය කළේය. 

දෙරට අතර මිත්‍රත්වය සහසහයෝගය වැඩි කරගන්නා ආකාරය පිළිබදව වැඩි අවධානයක් යොමු කල අතර දේශපාලනික, ආර්ථික, ආයෝජන සහ පරිසරික ක්ෂේත්‍රයන් කෙරෙහි ද අවධානයක්ද යොමු කරන ලදී.

කටාර් වාණිජ මණ්ඩලය සහ ක්‍රොයේෂියා වාණිජ මණ්ඩලය අතර පාරිසරික ආරක්ෂණ සහ ස්වභාවය සංරක්ෂණය ක්ෂේත්‍රයේ දියුණු කිරීම සදහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS