කටාර් අගමැති බංග්ලාදේශ අගමැතිනියට ලියයි



කටාර් අගමැති මෙන්ම එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා ද වන ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට සුබ පතමින් කේබල් පණිවුඩයක් යවා ඇත.

බංග්ලාදේශය අද (27) ඔවුන්ගේ 47 වැනි නිදහස් දිනය සමරයි. සුබ පතමින් කේබල් පණිවුඩය යැවීම සිදු කෙරුණේ ඒ නිමිත්තෙනි.

බංග්ලාදේශය සැමවිටම කටාරයේ සැබෑ මිතුරකු බව පෙන්වා දෙමින් දෙරට අතර පවතින සබඳතා තව තවත් ශක්තිමත් වී ඇති බව කටාර් අගමැතිවරයා පෙන්වා දී තිබේ.

මේ අතර දෝහා නුවර බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ද විශේෂ නිදහස් දින සැමැරුම් උලෙළක් පැවැත් වුණු බව ‘ද පෙනින්සියුලා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS