කටාර් අගමැති කටර් Agriteq 2017කෘෂිකර්ම ප්‍රදර්ශනයේ



කටාර් අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂයික් අබ්දුල්ලා නසීර් බින් කලීෆා අල්-තානිදෝහා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන 5 වැනි කටාර් ජාත්‍යන්තර කෘෂි ප්‍රදර්ශනයේ (Agriteq 2017) සංචාරයක නිරත විය.

අගමැතිවරයා විවිධ ප්‍රදර්ශන භාණ්ඩ, කෘෂිකර්ම, ධීවර, කර්මාන්ත, පශු සම්පත් යන විවිධඅංශ මගින් පවත්වා ගෙන යනු ලබන කුටිවලට ගොස්අදාල නිෂ්පාදන් පිළිබඳව සවිස්තර පැහැදිලි කිරීම් වලට ඇහුම්කන් දුන්නේය.

අදාල ක්ෂේත්‍රයන් භාවිතා කරනු ලබන නවීන තාක්ෂණය,විවිධ ප්‍රදේශවල එම තාක්ෂණයන් සහ නවීන උපකරණ භාවිතය පිළිබඳව අගමැතිතුමන්ව දැනුවත් කරන ලදී.

2017 Agriteq කෘෂිකර්ම ප්‍රදර්ශනය සදහා දේශීය හා ගෝලීය ප්‍රමුඛතම කෘෂිකාර්මික සමාගමක් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වී ඇත.

මෙවැනි ප්‍රදර්ශන තුලින් විශේෂඥයන්, කර්මාන්ත නායකයන්,කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වෘත්තිකයන් එකට එකතුවී කෘෂීකර්මක්ෂේත්‍රය තුළ නව ප්‍රවණතා හා ශිල්පීය ක්‍රමසොයා ගැනීම සඳහා හොඳ වේදිකාවක් මෙන්ම ජාලයක් නිර්මාණය කරගැනීමට හැකි වන අතර

සම්මන්ත්‍රන, වැඩමුළු, අත්දැකීම් සහ දැණුම හුවමාරු කරගැනීමේ හැකියාවද හිමි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS