කටාර් - එක්සත් ජනපද සබඳතා



කටාර් අමීර් ෂයික් තමීම් බින් හමාඩ් අල් තානි සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස්අතර හමුව කටාර් රාජ්‍යයේ අල් බාමාලිගයේදි සිදුවිය.

මෙම අවස්ථාවට එක්සත් ජනපද ආරක්ෂක ලේකම් සමඟ පැමිණි දූත පිරිසද සහභාගි වී ඇත.

දේශපාලනික, උපාය මාර්ගික සහ හමුදාමට අංශයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් වර්ධනය කර ගන්නා ආකාරය පිළිබදව මෙන්ම දෙරට අතර පවතින සබඳතාවයන් පිළිබඳවද දෙපාර්ශවයම සමාලෝචනයක යෙදී ඇති බව කටාර් පුවත් ඒජනිසිය කියයි. 

කලාපීය සහ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳවද සාකච්ඡා වී ඇති අතර පලස්තීනයේ සහ සිරියාවේ පවතින තත්ත්වය මෙන්ම යේමනයේ සහ ලිබියාවේ පවතින ගැටුම්කාරී තත්ත්වයද ඔවුන්ගේ අවධානයට යොමුවී ඇත.  

ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩත්වය, අන්තවාදයට එරෙහිව සටන් කිරීම සදහා ජාත්‍යන්තර උත්සහයන් පිළිබඳව අවධානය යොමුවී ඇති බවඑක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS