කටාරයේ ආසාදිතයෝ වැඩිවෙලා



ගතවුණු පැය 24 ඇතුළත කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 216 දෙනකු හමුවුණු බව කටාර් සෞඛ්‍ය අංශ අද (1) නිවේදනය කළේය.

ඒ අනුව, කටාර් රාජ්‍යයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 110,911 ක් තෙක් ඉහළ ගොස් ඇත.

කටාර් සෞඛ්‍ය අමත්‍යාංශය පෙන්වා දෙන අන්දමට, වයිරසය හේතුවෙන් මරණ 201 ක් වාර්තා වී තිබේ. සම්පූර්ණ සුවය ලැබූ ගණන 107,578 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS