කටාරයේ ආසාදිතයන් 30,000 පනියි



කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

කොරෝනා ආසාදිතයන් 1,547ක් සෙනසුරාදා (මැයි 16) වාර්තා වීමත් සමගම ආසාදිතයන් ගණන 30,000 ඉක්මවා ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසනවා.

කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් 15 දෙනෙක් මේවනවිට ජිවිතක්ෂයට පත් වී ඇත.

කටාර් රාජ්‍යයේ මිලියන 2.7ක සමස්ථ ජනගහනයෙන් 300,000 ක් කටාර් ජාතිකයන් වන අතර, කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන් පැතිරී ඇත්තේ විදේශ ශ්‍රමිකයන් අතරේ බව මානව හිමිකම් කණ්ඩායම්වලට නිලධාරිහු පවසති.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දෝහා නුවර)

RECOMMEND POSTS