කටාරයෙන් පාකිස්තානයට තවත් බිලියන 3 ක්



පාකිස්තානයේ ආයෝජන සඳහා කටාර් රාජ්‍යය ඇමෙරිකන් බිලියන තුනක මුදලක් ලබාදීමට කැමැත්ත පළ කර ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.

ඒ අනුව කටාරය පාකිස්තානයේ ආයෝජන සඳහා යොදවා ඇති මුලු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 9 කි.
තවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක මුදලක් පාකිස්තානයට ලබා දීමට කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් කටාර් එමීර්වරයාට ස්තුති කරන පාකිස්තාන අගමැතිවරයා පවසා ඇත්තේ, කටාර් රාජ්‍යය පාකිස්තානයේ සැබෑ මිතුරකු බවය.

පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඉම්රාන් ඛාන් අගමැති ධුරය බාර ගනිද්දී ඔහුට මුහුණ දීමට සිදුවුණු ප්‍රධාන අභියෝගය වී ඇත්තේ ද මෙම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමය.

මූල්‍ය අර්බුදයට පිළියමක් ලෙස ණය සහන පැකේජ ලබා ගැනීමට පාකිස්තාන අගමැතිවරයා කටයුතු කර ඇත. චීනය සහ සෞදි අරාබිය ද ඒ සඳහා ඉදිරිපත් වී ඇත.

ඉස්ලාමාබාද්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS