කටාරයට සීත කාලගුණයක්



කටාර් බලධාරීන් පවසන්නේ මේ වනවිට දෝහා ඇතුළු නගර කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 ට වඩා අඩු වී ඇති බවය.
ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.7 ක් යැයි ද පැවැසෙයි.

කටාර් රාජ්‍යයට මුල් මාස කිහිපයේ පවතින්නේ සීතල කාලගුණයකි.

කෙසේ නමුත් පසුගිය වසරවලට වඩා මේ වසරේ දැඩි සීත කාලගුණයක් පවතින බවත්, ඉදිරි වසරවලදී මෙම තත්ත්වය තවත් වැඩි විය හැකි බවත් කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කාලගුණ විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා ඇත්තේ මේ අයුරින් දැඩි සීතල කාලගුණයක් ඇති වීම විපරිත කාලගුණ විපර්යාසයක් බවය.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS