කටාරයට පාපන්දු කුසලානය ලබා නොදීමේ වැඩපිළිවෙළක්



ලොව දේශපාලනයේ කැපී පෙනෙන වෙනස්කම් සිදු කරන, දේශපාලන විශ්ලේෂකයන් කණ්ඩායමක් එක් වී, කටාර් රාජ්‍යයේ කීර්ති නාමය ගැන සාවද්‍ය කරුණු ලෙන්වා දෙමින්, ලෝක පාපන්දු කුසලානය කටාරයෙන් අහිමි කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වී ඇතැයි පසුගිය දා අනාවරණය විය.

මෙම අනාවරණය සිදු කළේ, බි‍්‍රතාන්‍යයේ ද ගාර්ඩියන් පුවත්පතය. කටාර් රාජ්‍යය අපකිරීතියට පත් කරමින්, එරට 2022 ලෝක පාපන්දු ලෝක කුසලානයයේ සත්කාරක රට බවට පත්වීම වැළැක්වීමට කටයුතු කර ඇතැයි පැවැසෙන්නේ ශ්‍රීමත් ලින්ටොන් ක්‍රොස්බිය.

ලින්ටන් ක්‍රොස්බි යනු එක්සත් රාජධානියේ වාසය කරන  ඕස්ටේ‍්‍රලියානු ජාතික දේශපාාලන විශ්ලේෂකයෙකි. ඒ වෙනුවෙන් ක්‍රොස්බි ඇමෙරිකන් ඩොලර් මිලියන 6.4 ක මුදලක් අපේක්ෂා කර ඇති බව ද පැවැසෙයි. කෙසේ නමුත් ඔහුගේ උත්සාහය අසාර්ථක වූ අතර, 2010 දී කටාරයට 2022 වසරේ පාපන්දු ලෝක කුසලාන සත්කාරක රට වීමට අවස්ථාව ලැබුණි.

(අල් ජසීරා ඇසුරිනි)

 


RECOMMEND POSTS