කටාරයට තවත් කොන්දේසි 6 ක්



තමන් පනවා ඇති කොන්දේසි 13 ට අමතරව තවත් කොන්දේසි 6 ක් කටාරයට පැනැවීමට කටයුතු කරනවා යැයි, කටාරයට සම්බාධක පැනැවූ සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීරය සහ ඊජිප්තුව කියයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෞදි තානාපති අබ්දුල්ලා අල් මෞලීමී මේ බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට ද දැනුම් දුන් බව පැවැසෙයි.

සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීරය සහ ඊජිප්තුව කටාරය සම්බන්ධයෙන් මෙසේ කොන්දේසි ඉදිරිපත් කර ඇත්තේ ද දීර්ඝ වශයෙන් එකිනෙකා සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව යැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS