කටාරයට ගුවනින් කිරි ගවයින්



සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් පනවා ඇති ‘සම්බාධක’ හේතුවෙන් ගුවන් මගින් කිරි ගවයින් ගෙන්වා ගැනීමට කටාරයට සිදුවී ඇතැයි වාර්තා වේ.

කටාරයේ ආහාර අවශ්‍යතා බොහොමයක් සපුරා ගත්තේ සෞදිය හරහාය. සම්බාධක දමා සෞදිය මේ වනවිට කටාරය සමඟ සියලු ඇයිහොඳයිකම් නවතා ඇත. එහෙයින්, කටාර් වැසියන්ට අවශ්‍ය කිරි, නිෂ්පාදනය ගැටලුවක් වී තිබේ.

විසඳුමක් ලෙස ගුවන් මගින් ගවයින් ගෙන්වා ගැනීමට කටාරයට සිදුවී ඇත්තේ මිලියන 2.7 ක පිරිසකගේ මූලික අවශ්‍යතා වෙනුවෙනි. ඒ අනුව, කිරි ගවයින් ජර්මනියේ සිට කටාරය බලා ගුවනින් ගෙන්වා ගත් බව ද වාර්තා වේ.

ජර්මනිය සමඟ මෙම කිරි ගවයින් මිලදී ගැනීම සිදුකර ඇත්තේ ‘පවර් ඉන්ටර්නැෂනල්’ ආයතනයයි.

ගවයින් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටාර් බලා ගෙන එන ලද්දේ බුඩපාස්ට් හරහා යැයි ද මාධ්‍ය වාර්තා කරයි.

මෙම කිරි ගවයින්ගෙන් කටාර් වැසියන්ගේ දෛනික අවශ්‍යතා සියයට 30 කින් සුපුරාලීමට හැකි බව  ද පැවැසෙයි. ඉදිරියේ දී තවත් කිරි ගවයින් මිලදී ගෙන ගෙන්වා ගන්නා බව කටාර් රාජ්‍යය වැඩිදුරටත් කියා සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS