කටාරයට එරෙහිව ලිබියාව අධිකරණය හමුවට



කටාර් රාජ්‍යයට එරෙහිව තමන් ජාත්‍යන්තර යුද අධිකරණයට යන බව ලිබියා ජාතික හමුදාව ප්‍රකාශ කර සිටී.

ලිබියාව තුළ ඇතිවූ ව්‍යවසනාකාරී තත්ත්වයට කටාරය සෘජුවම වගකිව යුතු බවත් ,විශේෂයෙන් එරට හමුදා නිලධාරීන් රැසක් ත්‍රස්ත ප්‍රහාර වලට ගොදුරුව මියයෑම සම්බන්ධයෙන් කටාරය වග කිවයුතු හෙයින් මෙලෙස ඔවුනට විරුද්ධව නඩු පවරන බද  ලිබියා ජාතික හමුදාවේ ප්‍රකාශකවරයා කීය.

එබැවින් තමන් කටාරයට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු පවරන බව ලිබියා ජාතික හමුදාවේ ප්‍රකාශක අහමද් මෙස්මාරී බෙනගාසි නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙමින් කටාර් රාජ්‍ය සමස්ත අරාබි රාජ්‍යයන් විනාශ කරන බවත් , මේ හේතුව නිසාම 2012 වසරේ සිට තම රජය කටාරයත් සමඟ පැවති සියලු සබඳතා අත්හිටුවූ බවද ලිබියා ජාතික හමුදා ප්‍රකාශකවරයා කීය.

එබැවින් කටාර් රාජ්‍යෙය් සැබූ ස්වරූපය නියම ලෙසින් අවසන් වනතුරැ ලිබියාව කිසිදු සම්බන්ධයක් නොපවත්වන බවද හෙතෙම කීය.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS