කටාරයට ආධාර දෙන්න සූදානම්



කටාර් රාජ්‍යයට ආහාර සහ වෛද්‍යාධාර අවශ්‍ය නම් ඒවා සැපයීමට තම රට සුදානම් බව සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍ය, ඇඩෙල් අල්- ජබීර් ඊයේ (ජුනි14) එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සමඟ වෙෂින්ටන් නුවරදී පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

කටාර් රාජ්‍යය සතු ස්වෛරීභාවයට හානියක් වන ආකාරයෙන් කටයුතු නොකරන බවත් ගල්ෆ් කලාපයේ බලවතුන් කටාර් රාජ්‍යය වර්ජනය කිරීමක් පමණක් සිදු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

වෙන්වී සිටින ඥාතීන්ට නැවත එක්වීම සඳහා සෞදි රාජ්‍ය දේශ සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන බවත්, කටාර් රාජ්‍යයට ආහාර සහ වෛද්‍යාධාර අවශ්‍ය නම් තම රට ඒවා සැපයීමට කටයුතු කරන බවත්, සෞදි අරාබිය කටාර් රාජ්‍යයට එරෙහිව සම්බාධක පනවා නොමැති බවත්, වරායවල් සහ ගුවන් තොටුපලවල් විවෘතව ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

අප සතුව පවතින ස්වෛරී අයිතීන්ට අනුව අපගේ ගුවන් කලාපය කටාර් ගුවන් යානාවන් වලට පමණක්  තහනම් කලාපයක් කල බවත්, අනිකුත් කිසිදු ගුවන්යානයකට පනවා ඇති තහනම අදාල නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS