කටාරය සමඟ නොසැලී ඉන්නවා: තුර්කිය කියයි



සෙසු ගල්ෆ් කලාපීය රටවල් විසින් හුදෙකලා කරනු ලැබූ කටාර් රාජ්‍යය සමඟ දිගටම නොසැලී සිටින බවත් අවශ්‍ය සෑම උදව්වක්ම කටාරයට ලබා දෙන බවත් තුර්කිය කියයි.

තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් මේ බව කියා සිටියේ තුර්කි පාර්ලිමේන්තුව ඇමැතූ අවස්ථාවේදීය. තුර්කිය නේටෝ සාමාජික රාජ්‍යයකි.

මේ අතර තුර්කිය සෙබළ බළඇණියක් ද කටාරයට යවා ඇතැයි ද වාර්තා වේ. කටාර් රාජ්‍යයේ තුර්කි හමුදා කඳවුරක් ද පිහිටුවා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS