කටාරය වසර ගණනාවක් හුදෙකලා වේවි



කටාරය ඔවුන්ගේ විදෙස් ප්‍රතිපත්ති වෙනස් කර නොගන්නේ නම්, ඔවුන්ට වසර ගණනාවක් හුදෙකලා වී සිටීමට සිදුවේවි යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය පෙන්වා දෙයි.

එක්සත් අරාබි එමීරය, කටාරයට එරෙහි රාජ්‍යයකි. කටාරය හුදෙකලා කිරීමට ඔවුන් ද කටයුතු කර ඇත.

‘කටාරය ඔවුන්ගේ විදෙස් ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෑ. එසේ නොවුණොත් වසර ගණනාවක් කටාරයට හුදෙකලා වී සිටින්න සිදුවෙනවා’ යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමැති අන්වාර් ගර්ගාෂ් කියා සිටී.

කටාරයේ විදෙස් ප්‍රතිපත්ති සෙසු ගල්ෆ් කලාපීය රටවල විදෙස් ප්‍රතිපත්තිවලට පරස්පරය. සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආදිය කටාරයට චෝදනා කරන්නේ අන්තවාදයට සහ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන රාජ්‍යයක් ලෙසිනි.

කෙසේ නමුත් මැද පෙරදිග කලාපයේ ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ඇමෙරිකාවේ සමීපතම මිතුරා ලෙස සැලකෙන්නේ ද කටාරයයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS