කටාරය රැකියා කප්පාදුවකට සැරසෙයි



ගල්ෆ් කලාපයට බලපා ඇති ආර්ථිකය පහළ වැටීමේ ප්‍රවණතාව සමඟ විදෙස් ශ්‍රමිකයන්ගේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් කප්පාදු කිරීමට එරට රජය සුදානමින් සිටින බව කටාර් මාධ්‍ය අනාවරණය  කරයි.

ලෝක බොර තෙල් මිල සැලකිය යුතු මට්ටමකින පහල බැසීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි පැවසේ.

ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීම සඳහා මෙම තීිරණයට එළැඹ ඇති අතර මේ හේතුවෙන් විදේශීය ශ්‍රමිකයන් රැසකගේ රැකියාවන් හි අවදානම් සහගත බවක් ඇතිවිය හැකි බවද එම වාර්තා පෙන්වා දෙයි.

2022 ලෝක පාපන්දු කසලානයේ සත්කාරක රට ලෙසද කටයුතු කරන කටාර් රාජ්‍යය කලකට ඉහත දී විශාල වශයෙන් විදේශීය ශ්‍රමිකයන් ඉදිකිරිම් කටයුතු සඳහා බඳවා ගත් නමුත් වර්තමානයේ පවතින අවම ආර්ථීක තත්ත්වය මත ශ්‍රමිකයන් රැසක ගේ රැකියා අවස්ථා අහිමි වී යා හැකි බව ද එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS