කටකතා ප්‍රචාරය කළොත් දඬුවම්



කටාර් රාජ්‍යයේ වැරදි හා අසත්‍ය මුලාශ්‍රවලින් ලබාගත් තොරතුරු හා කටකතා සමාජ මාධ්‍ය ජාල හරහා පතුරුවන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රීයාමාර්ග ගන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ.

නිවැරදි කළ නොහැකි තරම් විශාල හානි මිනිස් ජීවිත වලට  පවා මෙවැනි කටකතාවලින් සිදු වී ඇතැයි එරට බලධාරින් සඳහන් කොට ඇතැයි කටාර් මාධ්‍ය පවසයි.

පසුගිය මාස කිහිපයේ දී මෙවැනි ගැටලු සහගත අසත්‍ය ප්‍රචාර බෙහොමයක් සමාජය ගලා ආ බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෑතකදී කටාර් හි උෂ්ණත්වය ඉතා විශාල ලෙස ඉහළ  යන බව පවසමින් පැතිර ගිය අසත්‍ය තොරතුරක්  නිසා බොහෝ දෙනා අගමැති කාර්යාල ය වෙත පණිවුඩ එවමින් ඒ පිළිබඳ විමසා ඇතැයි ද එහි සඳහන් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද ජන ජීවිත වලට බලපෑම් කළ හැකි හෝ එරට කීර්ති නාමයට හානිවන  ලෙස සමාජ ජාලා ශ්ස්සේ මෙවැනි අසත්‍ය තොරතුරු පතුරුවන්නන් හට සිර දඬුවම් හෝ දඩ මුදල් ගෙවීමට සිදුවන පරිදි නීති සම්පාදනය කර ඇත.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS