කට කතාවලට රැවටෙන්න එපා යැයි කටාර් රජය ශ‍්‍රමිකයන් ගෙන් ඉල්ලයි.



කටාර් හි සේවය කරන විදේශ ශ‍්‍රමිකයන්ගේ රැකියා මාරුකිරීමේ පරිපාටිය පිළිබදව යම් පිරිසක් විසින් වැරදි මතවාද පතුරුවමින් සිටින බැවින් ඒවාට මුලා නොවන්නැයි කටාර් රජය මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

එරට නීති විරෝධී පදිංචිකරුවන්ට ඔවුන්ගේ ලියකියවිලි නිවැරදි කරගනිමින් රැුකියා වෙනස් කර ගැනීම ස`දහා දින දහයක සමා කාලයක් දී ඇතැයි පැතිර යන කථාව එවැනි මිත්‍යාවකැයි එම නිවේදනයේ සදහන්ව ඇතැයි එරට  මාධ්‍ය පෙන්වා දෙයි.

කටාර් හි කම්කරු අමාත්‍යංශය ඉදිරිපිට මිනිසුන් පිරිසක් රැුස්වී සිටින බවක් දැක්වෙන හදුනා නොගත් වීඩියෝ පටයක් සමහර මාධ්‍යවල පළ කර ඇතත් එය ද ව්‍යාජ එකකැයි එරට මාධ්‍ය පවසයි.

බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල ශ‍්‍රමිකයන් සදහා වීසා නිකුත් කිරීමත් රැුකියා ස්ථාන මාරු කිරීම ස`දහා වන ඉල්ලිම් ස`දහාත් නීති විරෝධී පදිංචිකරුවන් වෙනුවෙන් කම්කරු අමාත්‍යංශය විවෘතව පවතිතැයි පැතිර යන කථාවද අසත්‍ය එකකැයි එම වාර්තා පෙන්වා දෙයි.

කටාර් හි පරිපාලන සංවර්ධන කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යංශය ඔවුන්ගේ ට්විටර් ගිණුමේ ඉහත කටකතා පිළිබ`ද සටහනක් තබමින් ඒවා සත්‍ය කතා නොවන බව ස`දහන් කර තිබේ.

තම කොන්ත‍්‍රාත් කාලය සම්පූර්ණ කළ කම්කරුවන්ට පමණක් නව පදිංචි නීතියට  අනුව තම  රැුකියා වෙනස්් කිරීමට හැකි බව ද එම ට්විටර් සටහනෙහි පෙන්වා දී ඇත. 

    

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS