කකුලෙන් පැදවීම තහනම්



ඕමාන රාජ්‍ය තුල රිය ධාවනය කිරීමේදි අත් දෙක හැර පාද, දණහිස් සහ ශරීරයේ වෙන යම් කොටසක් භාවිතා කරමින් රිය ධාවනය කිරීම, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමේ වරදට නඩු පවරන බව ඕමාන් රාජකීය පොලීසිය නිවේදනය කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සමහර තරුණයින් ඔවුන්ගේ කාර් පාද වලින් ධාවනය කිරීමට පහසු වන ආකාරයෙන් රියදුරු අසුන් වෙනස් කරගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කළේය.

රියදුරු අසුන වෙනස් කර ඇත්තේ පාද වලින් රිය ධාවනය කරන අවස්ථාවේදි නිදාගැනීම, යහළුවන් සමඟ විනෝද ක්‍රීඩාවන් වල නිරත වීම, සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසීම සහ ජංගම දුරකථන භාවිතා කිරීම වැනි ක්‍රියාවන් වල නිරත වීමට බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම තුලින් මාර්ගයේ ගමන්කරන්නන් සහ රිය ධාවනය කරන පුද්ගලයාද ඉතා අනතුරුදායක තත්ත්වයකට පත් වීමට ඉඩ ඇති බැවින් එවැනි ක්‍රියා කිරීමට ඉඩ ලබා නොදෙන බව ඕමාන් රාජකීය පොලීසියේ මාධ්‍ය ප්‍රකාශන ප්‍රකාශ කළ බව  ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS