කංසා පැකට් 231ක් සොයා ගෙන



ඕමාන් රාජකීය පොලීසිය කංසා අසුරන ලද පැකට් 231ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඕමානයේ අල්-වුස්ටා ආණ්ඩුකාර ප්‍රදේශයට අයත් මුහුදු වෙරළේ සඟවා තිබියදී කංසා පැකට් තොගය සොයා ගෙන ඇත.

අදාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS