ඖෂධ 410 ක මිල 77% අඩු කරයි



එමිරේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ වර්ග 410ක මිල සියයට 2 සිට77 දක්වා අඩු කිරීමට නියෝග කර ඇත. 

ඒ අනුව, දේශියව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ 183ක සහ විදේශ රටවලින් ආනයනය කරනු ලබන ඖෂධ 227ක මිල අඩු කිරීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත.

හෘද, අධික රුධිර පීඩන සහ නිදන්ගත රෝග සඳහා භාවිතා කරන ඖෂධ ගණනාවක මිල අඩු වෙන බව වාර්තා වේ.

අදාල මිල අඩුකිරීම සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය, අබ්දුල් රහ්මාන් බින් මොහොමඩ් අල්-ඔවායිස් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS