ඕස්ටේ‍්‍රලියානු යුවලක් ඉරාන අත්අඩංගුවේ



ජෝලී කිංග් සහ මාර්ක් ෆර්කිං නමැති  ඕස්ටේ‍්‍රලියා යුවල ඉරානයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. ජෝලි කිංග් ට එක්සත් රාජධානියේ ගුවන් බලපත‍්‍රයක් ද ඇති බව ද පැවැසෙයි.

2017 දී ජෝලී කිංග් සහ මාර්ක් ෆර්කිං යුවල ආසියානු සහ රටවල දීර්ඝ සංචාරයක් ආරම්භ කර ඇත. රටින් රට යමින්, එම අත්දැකීම් ඉන්ස්ටග‍්‍රෑම් සහ යූටියුබ් සමාජ ජාල හරහා ප‍්‍රසිද්ධ කිරීම මොවුන්ගේ විනෝදාංශය වී ඇත. මොවුන් දෙදෙනාගේ විදෙස් සංචාර ගැන උනන්දුවන රසික රසිකාවියන් ගණන ලක්ෂ දෙකකට වැඩිය.

ඉරානයට ගිය අවස්ථාවේදී යුවල ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මීට සති කීපයකට පෙරය. කෙසේ නමුත් ඔවුන්ගේ අනන්‍යතා මාධ්‍ය හමුවේ අනාවරණය කෙරුණේ ඊයේ (11) ය. දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ හේතුව මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නැත.

(බී.බී.සී.)


RECOMMEND POSTS