ඕමාන් විදෙස් ඇමැති ප්‍රංශයේ



ඕමාන් විදේශ කටයුතු අමාත්‍ය, යුසුෆ් බින් අලවි අබ්දුල්ලා නිල සංචාරයක් සඳහා ප්‍රංශයට ගොස් ඇති බව ඕමාන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය,  ජීන් ය්වේස් ලී ඩ්‍රියන් ඕමාන් විදේශ කටයුතු අමාත්‍යවරයාව ඉතා උණුසුම් ආකාරයෙන්පැරිස් නුවරදි පිළිගෙන ඇති බව වාර්තා වේ.

සුහදතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව නායකයින් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ත්‍රස්තවාදය, කලාපීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් වැදගත් වන ප්‍රශ්න සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS