ඕමාන් මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි



ඕමානයේ දෝෆාර් ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේ යාත්‍රා කළ බෝට්ටුවක් පෙරළී ඇති බව වාර්තා වේ.

එම බෝට්ටුවේ ගමන් කළ විදේශිකයන් 15 දෙනෙකු බේරා ගැනීමට දෝෆා වෙරළාරක්ෂක බලකාය සමත් සමත් වී තිබේ.

බේරාගත් සියළුම දෙනා ආසියාතිකයන් බවත්, එම පිරිස සලාලා වරායට රැගෙන ඒමට දෝෆා වෙරළාරක්ෂක බලකාය කටයුතු කර ඇති බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online -මස්කට් නුවර)

RECOMMEND POSTS