ඕමාන් බෝයින් 737-800 මංගල ගුවන් ගමන



ඕමාන් ගුවන් සේවයට අයත් නවතම බෝයින් 737-800 ගුවන් යානය සිය මංගල ගුවන් ගමන මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපලෙන් ආරම්භ කල අතර ඕමාන් ගුවන් සේවයට අලුතෙන් එක්කරන ලද ගුවන් යානය වේ. 

මෙහි පළමු පන්තියේ ආසන 12ක්ද, සාමන්‍ය පන්තියේ ආසන 126කින්ද සමන්විත වේ. 

ඕමාන් ගුවන් සමාගම සතුව ගුවන්යානා 51ක් ඇති අතර එම ගුවන් යානාවන් වන්නේ බෝයින් 787 ඩ්‍රීම්ලයින වර්ගයේ ගුවන්යානා 5ක්ද, එයාර් බස් 330-300 වර්ගයේ ගුවන්යානා 6ක්ද, එයාර් බස් 330-200 වර්ගයේ ගුවන්යානා 4ක්ද, බෝයින් 737-900 වර්ගයේ ගුවන්යානා 5ක්ද, බෝයින් 737-800 වර්ගයේ ගුවන්යානා 26ක්ද, බෝයින් 737-700 වර්ගයේ ගුවන්යානා 1ක්ද, එමිරේට්ස් 175 වර්ගයේ ගුවන්යානා 4ක්ද ඇත.

අප්‍රේල් මාසයේදි 787-9  ඩ්‍රීම්ලයින වර්ගයේ ගුවන්යානයක් එකවීමට නියමිතය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS