ඕමාන් නායකයා සුබවාදී වෙයි



ගල්ෆ් කලාපයේ සාම ක්‍රියාවලිය පිළිබඳව ඕමාන් නායකයා සුබවාදීව සිතන බව වාර්තා වේ.

සියලු ගැටලු සාමකාමීව විසඳා ගැනීම සඳහා රටවල් අතර අවබෝධය,සංවාදය සහ සහයෝගීතාව තහවුරු කිරීමට ඕමානයේ ඇති උනන්දුව කැබිනට් මණ්ඩලය අමතමින් ඕමාන් නායකයා අවධාරණය කළේ ය.

ආරක්ෂිත හා ස්ථාවර තත්වයන් යටතේ රටවල් සංවර්ධනය කරගැනීමට මිනිසුන්ට ඉඩ ලබාදීය යුතු බවට ඕමාන් නායකයා ප්‍රකාශ කර ඇත.

සියළුම අංශ දිරිමත් කරමින්, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ළඟා කර ගැනීමට ආදායම් මාර්ග විවිධාංගීකරණය තුලින් පුළුල් සංවර්ධනයක් සහ ආර්ථික ස්ථාවරත්වයක් අත්කර ගැනීම සඳහා අඛණ්ඩ සිදුකරන උත්සාහයන් පිළිබඳව සුල්තාන් කබූස් සිය සතුට පළ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS