ඕමාන් නගර සභා මැතිවරණයේ කාන්තා නියෝජනය



පසුගිය ඉරිදා පැවති ඕමාන් නගර සභා මැතිවරණයෙන් කාන්තා අපේක්ෂිකාවන් හත්දෙනෙකු දෙවැනි වටයේ දී තේරී පත් වී ඇති අතර මෙම ඡන්දය සදහා විවිධ පළාත්වලින් කාන්තාවන් විසිතුන් දෙනෙකු අපේක්ෂිකාවන් ලෙස තරග කල බව ෂබීබා වර්ථා කලේය.

බුරියිමි, මස්කට්, උතුරු බාටිනා නගර සභාව සදහා කාන්තාවන් දෙදෙනා බැගින් තේරීපත්වී ඇති අතර  දකුණු අල්-බාටිනා නගර සභාව සදහා එක් කාන්තාවක් පත්වී ඇත.

මෙම නගර සභා මැතිවරණයේදි පළමු වටයෙදි කාන්තාවන් 11දෙනෙකු තොරාපත් කරගන්නා අතර මේවනවිටත් කාන්තාවන් 4දෙනෙකු තොරාපත් කරගෙන ඇත.   

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත්ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS