ඕමාන් තානාපති කාර්යාලය මහජනතාවට අනතුරු අඟවයි



තායිලන්ත අගනුවර අධික ලෙස වායු දූෂණයට ලක් වී ඇති බව එරට ඕමාන් තානාපති කාර්යාලය නිවේදනය කර ඇත. 

තායිලන්ත අගනුවර වන බැංකොක් නගරයේ සංචාරය කිරීමට බලාපොරොන්තු වන ඕමාන් ජාතිකයන්ට වායු දුෂණයෙන් ආරක්ෂා වීමට ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස තානාපති කාර්යාලය ඉල්ලීමක කර ඇත.

වායු දූෂණයෙන් ආරක්ෂා වීමට මුහුණ ආවරණ පලඳින ලෙස බැංකොක් නගරය සහ අවට නගරවල ජීවත් වන ඕමාන ජාතිකයන්ට දැණුම් දී ඇත.

වායු දූෂණය හේතුවෙන් ශරීරයට අහිතකර දූවිලි අංශු විශාල ලෙස වැඩි වී ඇති බව තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත. 

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS