ඕමාන් චිත්‍රයට මිලියන 1.38ක්



දකුණු අප්‍රිකානු චිත්‍ර ශිල්පියෙක් අඳින ලද දුර්ලභ චිත්‍රයක් ඇමරිකානු ඩොලර් මිලියන 1.38කට අලෙවි කර ඇති බව වාර්තා වේ. 

දකුණු අප්‍රිකානු චිත්‍ර ශිල්පි, ඉර්මා ස්ටර්න් “අරාබි මිනිසා ’’ ලෙස නම් කර ඇති චිත්‍රය 1939දි ඇඳ ඇති අතර දකුණු අප්‍රිකානු ජාතිකයෙක්ම චිත්‍රය වෙන්දේසියකදි මිලදී ගෙන ඇත.

“අරාබි මිනිසා’’ නැමති චිත්‍රය ඇමරිකානු ඩොලර් මිලියන 1.38 වෙන්දේසියකදි විකිණි ඇති බව දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පිහිටා ඇති ඕමාන් තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS