ඕමාන් කතුවරියට ‘මෑන් බුකර්’ සාහිත්‍ය සම්මානය



‘මෑන් බුකර්’ අන්තර් ජාතික සාහිත්‍ය සම්මානය,  ඕමානයේ කතුවරියක වන ජෝකා අල්හර්ති හට හිමිවී ඇති බව අල් ජසීරා පුවත් සේවයබ වාර්තා කරයි.

අරාබි බසින් නවකතා ලියන නවකතාකාරියකට මෙම සම්මානය හිමිවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

40 හැවිරිදි ජෝකා අල්හර්ති විසින් රචනා කළ ‘සෙලෙස්ටි‍්‍රයල් බොඞීස්’ නමැති නවකතාව වෙනුවෙන් ඇයට සම්මානය හිමිවිය.

මෙම නවකතාව ‘සෙලෙස්ටි‍්‍රයල් බොඞීස්’ යනුවෙන් ඉංගී‍්‍රසියට පරිවර්තනය කර ඇත්තේ මැරලින් බෘත් අතිනි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS