ඕමාන් කතුන්ගේ ආයු වැඩියි



ඕමානයේ කාන්තාවන් පිරිමින්ට වඩා වසර හතරක ආයු අපේක්ෂාවක් ඇති බව පරීයේෂණයකින් සොයාගෙන ඇති බව ෂබීබා පුවත්පත වාර්තා කළේය.

2012 සිට 2016 අතර කාලයේදි ඕමාන කාන්තාවකගේ ආයු අපේක්ෂාව අවුරුදු 78 -79 දක්වා වැඩි වී ඇති අතර පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 74.5-75.5ක අගයක පවතින බව සමාජ සංවර්ධන අමාත්‍ය, ෂයික් මොහොමඩ් බින් සයිඩ් අල්-කල්බානි ප්‍රකාශ කළේය.

කාන්තාවන්ට සිදුවන සියළුම ආකාරයේ හිංසන ඉවත් කිරීම පිළිබඳ කමිටුව අමතමින් අමාත්‍යවරයා මෙම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS