ඕමාන් කතක් එවරස්ට් නගි



ඕමාන් කාන්තාවක් එවරස්ට් කන්ද තරණය කර ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

තමන්ගේ සිහිනය සැබෑ කරගැනීම සඳහා උදව් කළ දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වන බව ඕමානයට පැමිණීමෙන් පසු නධිරා අල් හර්ති ප්‍රකාශ කළා ය.

අප්‍රේල් 14 වන දින එවරස්ට් තරණය ආරම්භ කර ඇති අතර ඉතා දුෂ්කර ගමනකින් පසු ඇය සහ ඇගේ කණ්ඩායම එවරස්ට් කඳු මුදුනට ලඟා වී ඇත.

ඕමාන් ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු ඉතා උණුසුම් ආකාරයෙන් පිළීගෙන ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS