ඕමානයේ සාප්පු සංකීර්ණයක ගින්නක්



ගිනිකොන දිග ඕමානයේ විලායට් ආණ්ඩුකාර ප්‍රදේශයේ ජාලන් බානි බුආලි හි පිහිටා ඇති සාප්පු සංකීර්ණයක හදිසි ගින්නක් හටගැනීම හේතුවෙන් විශාල දේපල හානියක් සිදුවී ඇති බව වාර්තා වේ.

ගින්නෙන් සාප්පු සංකීර්ණයේ මහල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර කිසිවෙකුටත් අනතුරුක් සිදුවී නොමැති බව වාර්තා වේ. 

සාප්පු සංකීර්ණය සම්පුර්ණයෙන් ගිනි ගැනීමට පෙර මහජන ආරක්ෂක ඒකකයේ ගිනිනිවන ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කල අතර ඒ හේතුවෙන් අනිකුත් ගොඩනැගිලි වලට ගින්න පැතිරී යෑම වළක්වා ගැනීමට හැකිවී ඇත. 

ගිනිගැනීමට හේතුවූ කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 

 


RECOMMEND POSTS