ඕමානයේ විවාහයන් අඩුවෙයි



ඕමානයේ විවාහයන් සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව එරට සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

2017 වර්ෂයේ 22,248ක් විවාහ ගිවිස ගෙන ඇති අතර 2018 වර්ෂයේදි 20, 000 දක්වා අඩු වී ඇති බව දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

ජනවාරි මාසයේ වැඩිම විවාහයන් සංඛ්‍යාවක් සිදු වන අතර දකුණුදිග අල්-බටීනා නගරයේ වැඩිම විවාහ සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත.

2017 වර්ෂයේදි දිනකට විවාහයන් 61 සිදු වී ඇති අතර 2018 වනවිට 55 දක්වා අඩු වී ඇත.

මැයි 15 දිනට යෙදුනු ජාත්‍යන්තර පවුල් දිනය නිමිත්තෙන් අදාල තොරතුරු නිකුත් කිරීමට දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS