ඕමානයේ රැකියා 800% වැඩි වෙලා



ඕමාන රාජ්‍ය අංශයේ රැකියා සංඛ්‍යාව දශක හතරක කාලය තුළ (1979-2018) 800% කින් වැඩි වී ඇත.

වසර හතළිහක කාලය තුල පුද්ගලයන් 250,000කට ආසන්න සංඛ්‍යාවක්රාජ්‍ය අංශයේ සේවය කර ඇති බව වාර්තා වේ.

1971 දී,රාජ්‍ය අංශයේ පුද්ගලයන් 28,681 ක් සේවය කර ඇති බවත්, 2018 වනවිට 231,593 දක්වා වැඩි වී ඇති බවත්, එය 807% වැඩිවීමක් බව ඕමාන් සංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසීය. 

රජයට අයත් පෞද්ගලික සමාගම්වල සේවක සංඛ්‍යාව තුන්ගුණයකින් වැඩි වී ඇති අතර 1998 වනවිට 547,741ක් සේවය කර ඇති අතර 2018 වන විට 1,687,285 දක්වා ඉහළ ගොස් ඇත. 

රජයේ රැකියාවලින් සියයට හැටක් (60%) විදේශ ශ්‍රමිකයන් නියෝජනය කළ බව සංඛ්‍යාලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

2018 දී රාජ්‍ය අංශයේ සේවය කළ ඕමාන ජාතිකයන්ගේ ප්‍රතිශතය 84.5% ක් වු අතර පෞද්ගලික අංශයේ 14.9% ක් විය.

යටිතල පහසුකම්, සමාජ හා ආර්ථික සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් රැකියා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කරගැනීමට ඕමාන රජය සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS