ඕමානයේ පළමු අක්මා බද්ධය



ඕමාන රාජකීය රෝහලේ සිදුකරන ලද පළමු අක්මා බද්ධ කිරීම සාර්ථක වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අක්මාවේ පිළිකා තත්ත්වයකින් පෙළෙමින් සිටි කාන්තාවකට අදාල සැත්කම සිදු කර ඇත.

මහාචාර්ය මොහොමඩ් රිලා විසින් මෙහෙයවන ලද පළමු අක්මා බද්ධ කිරීම සාර්ථක කරගැනීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් මෙන්ම අනිකුත් නිලධාරීන්ගේ සහයෝග ඔහුට ලැබී ඇත.

ඕමාන් සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය අහමඩ් මොහොමඩ් අල්- සයීඩි අක්මාව ලබාදුන් සහ අක්මාව බද්ධ කිරීමට සිටින පුද්ගලයින් දෙදෙනාගේ සුවදුක් විමසීම සඳහා රාජකීය රෝහලට පැමිණි බව වාර්තා වේ.

අක්මා බද්ධ කිරීම සඳහා ඉන්දියානු රෝහලක් සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවත් අක්මා බද්ධ කිරීම සාර්ථක වීම නිසා තමන් අතිශයින්ම සතුටට පත්වන බව අමාත්‍යවරයා මාධ්‍යට ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS