ඕමානයේ නව පෞද්ගලික ගුවන් විදුලි සේවයක්



 

ඕමානයේ නව පෞද්ගලික ගුවන් විදුලි සේවයක් ආරම්භ වේ. 

මස්කට් ගුවන් විදුලි සේවය නමින් ආරම්භ වෙන නව පෞද්ගලික ගුවන් විදුලි සේවය සංඛ්‍යාත 105.3න් සවන්දිය හැක. 

ඕමාන් තොරතුරු අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මෙම ගුවන්විදුලි සේවය නිල වශයෙන් විවෘත කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබි අඩවිය වාර්ථා කලේය. 

ගුවන්විදුලි නිළ සමාරම්භක නිවේදනය ඉදිරිපත් කරන ලද්දේ එම ගුවන්විදුලි සේවයේ විධායක අධ්‍යක්ෂ, අලි බින් ඉස්මයිල් අල්-බලූෂි විසින්ය. 

ඉන් පසු, අමාත්‍යවරයා සහ විධායක අධ්‍යක්ෂවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර එය සජීවීව විකාශනය කරන ලදී. 

එහිදි මෙම ගුවන් විදුලිය ආරම්භ කිරීමට හේතු සාධක වූ කරුණු පිළිබදව විධායක අධ්‍යක්ෂවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලදී. 
ඉදිරිපත් කරනු ලබන වැඩසටහන් අතුරින්, තරුණ අසන්නන් ගුවන්විදුලි සේවයේ මුලික ඉලක්කය වී ඇති බව විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සිය කතාවේදි සදහන් කලේය. 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක 


RECOMMEND POSTS