ඕමානයේ දකුණිදිග වෙරළට වසර 21 පසු ආ කොල කැස්බෑවා



ඕමානයේ දකුණිදිග ෂාකියා ආණ්ඩුකාර ප්‍රදේශයේ රස් අල්-හාඩ් මුහුදු වෙරළට වසර විසි එකකට පසු කොල කැස්බෑවෙක් පැමිණ ඇති බව ඕමාන් පාරිසරික හා දේශගුණික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

කොල කැස්බෑවා ලෝකය වටේ පීනමින් සැතපුම් දහස් ගණනක් ගමන් කර 2018 ජුලි 18 දින නැවත මුහුදු වෙරළට පැමිණි බවත් අවසන් වරට 1997 අගෝස්තු 21දින දක්නට ලැබුණු බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

සංචාරකයන් විශාල සංඛ්‍යාවක් කැස්බෑවන් නැරඹීමට ඕමානයට පැමිණෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS