ඕමානයේ ගින්නක්



ඕමානයේ ඉබ්‍රා කර්මාන්ත කලාපයේ පිහිටා ඇති කඩ සාප්පු සහ ගබඩා ගණනාවක් ගින්නකින් විනාශ වී ඇති බවජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මහජන ආරක්ෂක ඒකකයේ ගිනිනිවන භටයින් පැමිණි ගින්න නිවාදැමීමට කටයුතු කල අතර අනිකුත් කඩ සාප්පු සහ ගබඩා වලට ගින්න පැතිරී යෑම වැලැක්වීමට ගිනි නිවන භටයින් සමත් වුහ.

ගින්නෙන් විශාල හානියක් සිදු වී ඇති නමුත් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වී නොමැති බව මහජන ආරක්ෂ ඒකකය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS