ඕමානයේ කොළරා නෑලු



ඕමාන් රාජ්‍යය තුල කිසිදු කොළරා රෝගීන් වාර්තා වී නොමැති බව ඕමාන්සෞඛ්‍ය බලධාරීන් ඉතා වගකීමෙන් ප්‍රකාශ කල බව ෂබීබා පුවත්පත වාර්තා කළේය.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වැරදි ප්‍රචාරයන් ගෙන යන බවත් එවැනි කිසිදු රෝගියකු හෝ කොලරා තත්ත්වයක් මේ වන විට ඕමානය තුල වාර්තා වී නොමැති බවසෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

කිසියම් අවධානම් තත්ත්වයක් වාර්තා වන්නේ නම් හැකි ඉක්මණින් පාලනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. 

තමන්ගේ සනීපාරක්ෂාව ගැන වඩා සැලකිල්ලක් දක්වන ලෙසත් රජයේ නිල මුලාශ වලින් නිවරදි තොරතුරු ලබා ගන්නා ලෙස ඕමාන්සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS