ඕමානයේ කොටසකට වැහැලා



ඕමානයේ නගර ගණනාවකට අධික වාර්ෂාපතනයක් පතිත වී ගංඟා ඇළ දොළවල් ජලයෙන් පිරීතිබු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අධික වර්ෂාව සමඟ ඇති වු අධික සුළං තත්ත්වය හේතුවෙන් උෂ්ණත්වය විශාල ලෙස පහළ ගිය බව ඕමාන් කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කළේය.

අල්-හිජ්ර්කඳු ආශ්‍රිතව සහ ඒ අවට පිහිටා ඇති ආණ්ඩුකාර ප්‍රදේශයන් ගණනාවකට ගිගුරුම් සහිත වැසි වාර්තා වු බව සිවිල් ගුවන් සේවා අධිකාරියට අයත් කාලගුණ විද්‍යා ඒකකය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS