ඕමානයේ එළිමහන් සේවකයින්ට දිනපතා දහවල් පැය තුනක විවේකයක්



ඕමානයේ එළිමහන් සේවයේ යෙදෙන සේවකයින්ට දිනපතා දහවල් පැය තුනක් විවේක දීමට එරට රජය හාම්පුතුන්ට නියම කරතිබේ.  

මෙසේ විවේක දීමට නියම කර ඇත්තේ පස්වරු 12.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ වේ.

අනාගතයේ ඇතිවෙතැයි කියන උෂ්ණත්වයේ දැඩි වීමත් සමඟ සුර්ය රශ්මිය ඍජුවම එල්ල විය හැකි බැවින් එලිමහනේ සේවය කරනසේවකයින්ට සිදුවෙන අනතුරු අවම කර ගැනීමට මෙම පියවර ගෙන තිබේ.

 ඕමාන කම්කරු නිති පනතේ 16 වගන්තියට අනුව නවනියමය පනවා ඇති අතර එළැඹෙන ජුනි මාසයේ සිට අගෝස්තු 31 දක්වා කි‍්‍රයාත්මක වීමට නියමිතය. 

මේ සම්බන්ධව සේව්‍යයන් දැනුවත් කර ඇති අතර මෙකී නියමය උල්ලංඝණයකරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් දඩ මුදලක් අය කිරීමටත් පියවර ගන්නා බවට රජය අනතුරු අඟවා තිබේ. 

 

විනීතා එම් ගමගේ
 

 

 


RECOMMEND POSTS